ගංවතුරේ ගමන් කරමින් සිටි අයෙක් දියේ ගිලී අතුරුදන්

මාවරල පොලිස් වසමේ ආඳළුව පාලම අසල ගංවතුරේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 42 ආඳළුව, කිවුල්හේන ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා අධික වැසි හේතුවෙන් ගංවතුර ඇති වූ අවස්ථාවේ නිවසට පැමිණෙමින් සිටිය දී ආඳළුව පාලම අසල දී දියේ ගසාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාවරල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?