Indian Premier League

ගංජා පානයකර බසයක් පැදලා – රියදුරා අත්අඩංගුවට

ගංජා පානයකර මගී බස් රථයක් පැදවූ රියදුරෙක් ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හලාවත – පුත්තලම මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ දී මෙම රියදුරා අද (22) දහවල් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු රියදුරා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඔහු මන්නාරම – කොළඹ පෞද්ගලික බස් රථයක රියදුරු ලෙස කටයුතු කළ අයෙක්.

මන්නාරමේ සිට කොළඹ බලා මගීන් රැගෙන ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් පොලිස් නිලධාරීන් විසින් නවත්වා ඇති අතර, එහිදී රියදුරුගේ අසාමාන්‍ය හැසිරීම සහ කතා විලාශය පිළිබඳව පොලිසියට සැක මතුව තිබෙනවා.

රියදුරා කිසියම් මත් ද්‍රව්‍යයක් භාවිත කර ඇති බවට අනුමාන කළ පොලිස් නිලධාරීන් ඔහුව හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී අනාවරණය වී ඇත්තේ සැකකාර රියදුරා ගංජා පානය කර ඇති බවයි.

සැකකරු පැදවූ බස් රථ ආරච්චිකට්ටුව පොලීසිය භාරයට ගෙන ඇති අතර, එහි සිටි මගීන් වෙනත් බස් රථයකින් කොළඹ බලා පිටත් කර යැවීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
7
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?