කෝප් කමිටු විමර්ශන වාර්තා 12ක් පාර්ලිමේන්තුවට

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) පළමු වාර්තාව අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

ඒ කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විසිනි. 
 
නව වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභා වාරයේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් කැඳවනු ලැබූ සහ එමගින් විමර්ශනය සිදු කරනු ලැබූ රාජ්‍ය ව්‍යාපාර 12කට අදාළ විමර්ශන මෙම වාර්තාවට ඇතුළත්ව තිබේ.

ඒ අනුව, සීමා සහිත ස්වාධින රූපවාහිනී මාධ්‍ය ජාලය, ශ්‍රී ලංකා ඛනිජ තෙල් ගබඩා කිරීම හා බෙදාහැරීම පිළිබඳ විශේෂ විගණන වාර්තාව, පොල් සංවර්ධන අධිකාරිය, විදේශ රැකියා ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය අධ්‍යයනය කිරීම සඳහා වූ විශේෂ විගණන වාර්තාව, ශ්‍රී ලංකාවේ ළමා අපචාර සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ කාර්යභාරය පිළිබඳ විශේෂ විගණන වාර්තාව, සීමාසහිත රක්ෂණ සංස්ථාව, මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ නායයෑම් අධි අවධානම් කලාපවල ජීවත්වන පවුල් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ කාර්ය සාධනය පිළිබඳ විගණන වාර්තාව, ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනය, භාවිතය සහ පසුභාවිත කළමනාකරණය සම්බන්ධයෙන් වූ පරිසර විගණන වාර්තාව, ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍ය උපාධි ආයතනය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යන ආයතනවලට අදාළ විමර්ශන මෙම වාර්තාවට ඇතුළත් වෙයි.

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය, වාර අවසාන කිරීම හේතුවෙන් සභාගත කිරීමට නොහැකි වූ මෙම වාර්තාව, දෙවැනි සභා වාරයේදී සභාගත කිරීමට කෝප් කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය හිමිවී තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?