කෝටි 4කට වැඩි වටිනාකමින් යුත් බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

ඉන්දියාවේ සිට නීති විරෝධි අයුරින් මුහුදු මාර්ගයෙන් රැගෙන විත් කන්දකුලිය වෙරළ තීරය ආසන්නයේ සඟවා තිබූ රුපියල් කෝටි හතරකට ආසන්න බීඩි කොළ තොගයක් නාවික හමුදා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස නාවික හමුදාව අත් අඩංගුවට ගෙන ඇත්තේ විශාල උර 36ක් තුළ අසුරා තිබූ කිලෝ 1800කට ආසන්න බීඩි කොළ තොගයක්.

මෙම බීඩි කොළ තොගය ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ බවට සැක කෙරෙන ටිපර් රථයක් ද නාවික හමුදා නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් පළා ගොස් ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

විජය නාවික හමුදා කදවුරේ නිළධාරින් විසින් කන්දකුලිය වෙරළ තීරයේ අද අලුයම සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් අතර මෙම බීඩි කොළ තොගය සොයා ගෙන තිබෙනවා.

ඒවා ඉන්දියාවේ සිට නීති විරෝධී අයුරින් මුහුදු මාර්ගයෙන් රැගෙන විත් ඇති අතර කිසිවෙකුට සැක නොසිතෙන අයුරින් ප්‍රවාහනය කිරීමට ටිපර් රථය යොදා ගැනීමේ සූදානමක් තිබී ඇතැයි ද සඳහන්.

මෙම බීඩි කොළ තොගයට ජලය කාන්දු වීම වැලැක්වීම සඳහා ආරක්ෂිත පොලිතින් බෑග්වල අසුරා තිබූ බවයි අප වාර්තාකරු කියාසිටියේ.

නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ටිපර් රථය හා රුපියල් කෝටි හතරකට ආසන්න බීඩි කොළ තොගය ඉදිරි විමර්ශන සදහා කල්පිටිය පොලිසියට භාර දී තිබෙනවා.

මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සොයා නාවික හමුදාව හා කල්පිටිය පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?