කෝච්චියේ වැසිකිළියකින් සොයාගත් බිළිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් (ඡායාරූප)

කොළඹ කොටුවේ සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ මැදිරියක වැසිකිළියක් තුළ දමාගොස් සිටිය දී සොයාගත් බිළිඳා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරු පවසනවා.

දුම්රියේ මැදිරියක වැසිකිළියක් තුළ දමාගොස් සිටිය දී ඊයේ (10) පස්වරු 7.00ට පමණ සොයාගත් මෙම බිළිඳා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණා.

හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බිළිඳා මේ වනවිට සාමාන්‍ය වාට්ටුවකට යොමුකළ බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂිත සේනාධිපති සඳහන් කළේ.

බිළිඳාගේ ශරීරය මඳ කහ පැහැති ගතියක් පෙන්නුම් කරන බව කී නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මව් කිරිවල අඩුවීම හෝ රුධිර ඝනවල වෙනසක් හේතුවෙන් මෙම තත්ත්වය සිදුවන්නට ඇති බවයි.

ඒ, සඳහා අවශ්‍ය ප්‍රතිකාර කිරීමට පරීක්ෂණවලට නියැදි යවා ඇති බව සඳහන් කළ වෛද්‍යවරයා බිළිඳා යහපත් තත්ත්වයෙන් පසුවන බවයි සඳහන් කළේ.

මේ වනවිටත් කිසිම භාරකරුවෙක් දරුවා වෙනුවෙන් ඉරිදිපත්ව නොමැති බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියා.

බිළිඳාගේ සෞඛ්‍ය තත්ත්වය පූර්ණ වශයෙන් සාමාන්‍ය අතට පත් වූ පසු පොලිසිය මාර්ගයෙන් පරිවාස දෙපාර්තමේන්තුවට භාර කිරීමක් සිදුවන බවයි වෛද්‍යවරයා පැවසුවේ.

දුම්රියේ වැසිකිළියට ගිය මගියෙකු මෙම බිළිඳා දැක ඒ බව කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරීන්ට දැනුම් දී තිබුණා.

ප්ලාස්ටික් කූඩයක දමා තිබිය දී මෙලෙස සොයාගත් බිළිඳා මාස එක හමාරක පමණ වයසේ පසුවනවා.

බිළිඳා මෙලෙස දුම්රියේ දමාගිය අයවලුන් සොයා සී.සී.ටී.වී. කැමරා දර්ශන ඔස්සේ විමර්ශන සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
19
අවුල් වගේ !
3
හරි හිනා !
0
හම්මෝ !
4
මාර දුකයි !
188
මලපනිනව !
15
කුජීතයි !
9
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?