කොළඹ හතේ මහල් ගොඩනැඟිල්ලකින් වැටී ආර්ථික විශේෂඥයා ජීවිතක්ෂයට

කොළඹ 07 – රොස්මිඩ් පෙදෙසේ මහල් ගොඩනැඟිල්ලක හත්වන මහළින් ඇඳ වැටී ඊයේ (23) දහවල් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රකට ආර්ථික විශේෂඥයෙක් වූ අමල් එරාන් සඳරත්න නැමැති පුද්ගලයායි.

47 හැවිරිදි වියේ පසු වූ මොහු සමාගමක අධ්‍යක්ෂවරයෙකු සහ ව්‍යාපාරිකයෙක් ද වනවා.

මෘත දේහය සම්බන්ධයෙන් වන හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව එය පවුලේ ඥාතීන් වෙත ඊයේ (23) දිනයේ දීම භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
12
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?