කොළඹ වාතයේ ගුණාත්මක මට්ටම පහළට

කොළඹ නගරයේ වාතයේ ගුණාත්මක මට්ටම සෞඛ්‍ය සම්පන්න නොවන ආකාරයෙන් පහළ ගොස් තිබෙනවා.

එමගින් ජනතාවට සෞඛ්‍ය සංකූලතා ඇති විය හැකි බවටයි විශේෂඥයින් අනතුරු අඟවා ඇත්තේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද වායු තත්ත්ව වාර්තාවට අනුව ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මක භාවය සෞඛ්‍යයට අහිතකර හෝ ඉතා අහිතකර මට්ටමක පවතින බව සඳහන්.

අද දහවල් කාලය වන විට කොළඹ වාතයේ ගුණාත්මක මට්ටම සෞඛ්‍යයට අහිතකර මට්ටම පවා ඉක්මවා යන ආකාරයෙන් සංඛ්‍යාත්මක අගය 172ක් වාර්තා වී තිබෙනවා.

වාතයේ ගුණාත්මක භාවය ඉතා සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතින බව පෙන්නුම් කරන අනතුරු ඇඟවීම නිකුත් කරනු ලබන්නේ සංඛ්‍යාත්මක මට්ටම 70 සහ 87 අතර වූ පවතින අවස්ථාවේදී යි.

කොළඹ නගරයේ වාතයේ ගුණාත්මක භාවය එම සීමාව ද ඉක්මවා ගොස් තිබෙනවා.

මේ අතර, බත්තරමුල්ල සහ මන්නාරම ප්‍රදේශවල වාතයේ ගුණාත්මක භාවය ද සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
4
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
10
මලපනිනව !
2
කුජීතයි !
3
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?