spot_imgspot_img

කොළඹ වරාය නගරයේ නම වෙනස් වෙයිද?

කොළඹ වරාය නගරය ඩුබායි සහ අබුඩාබි හිදී ලබන 26 වැනිදා නිල වශයෙන් ආයෝජකයන් සඳහා හඳුන්වා දෙන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

අද (19) කොළඹ වරාය නගරය ආශ්‍රිත රෙගුලාසි සම්මත කිරීමේ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ද ඒ සඳහා සහභාගී වන අතර වරාය නගරයේ ආයෝජනය කිරීමට දැනටමත් ආයෝජකයන් 17 දෙනෙකු ඉදිරිපත් වී ඇති බවයි ඔහු පැවසුවේ.

එහිදී කොළඹ වරාය නගරයේ නම Colombo Financial City ලෙස වෙනස් කිරීමට ඉඩකඩ පවතින බව දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.නව රෙගුලාසි සම්මත කළ පසුව වරාය නගර ව්‍යාපෘතියේ විශාල වෙනසක් වනු ඇති අතර ආයෝජකයන්ට වැඩ කටයුතු ආරම්භ කිරීමටද හැකියාව ලැබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?