Indian Premier League

කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට අලියා කොන්දේසි විරහිතව සහාය දෙන බව සජබ ට දන්වයි (වීඩියෝ)

නිමාවට පත් වූ පළාත් පාලන ආයතන මැතිවරණ ප්‍රතිඵල අනුව නගර සභා බලය පිහිටුවීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති වීම හේතුවෙන්, එම නගර සභාවල බලය පිහිටුවීමට සමගි ජන බලවේගය නායකත්වය ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා පවසනවා.

අද (08) මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, ජාතික ජන බලවේගය දැඩි උත්සහායක් දරමින් ස්වාධීන කණ්ඩායම්වල සහාය ලබා ගෙන මෙම පළාත් සභාවල බලය පිහිටුවීමේ ක්‍රියාදාමයක නිරත වෙමින් සිටින බවයි.

කෙසේවෙතත් සමගි ජන බලවේගය පක්ෂයෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක් පත් කරගැනීමට තම පක්ෂයට හැකි බවත් ඒ සඳහා කොළඹ නගරය පිළිබඳව මනා අත්දැකීම් සහ දැනුමැති පිරිසක් තම පක්ෂය තුළ සිටින බවත් මන්ත්‍රීවරයා පැවසුවා.

ඒ සඳහා සෙසු පක්ෂවල ද සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම කොළඹ නගර සභාව පිහිටුවීමේ දී ‘කොන්දේසි විරහිතව තම සහාය සමගි ජන බලවේගයට‘ ලබාදෙන බවට එක්සත් ජාතික පක්ෂය පණිවිඩයක් එවා ඇති බව ද මුජිබර් රහුමන් මහතා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?