spot_imgspot_img
spot_img

කොළඹ නගරයෙන් ඉවත් කළ රූස්ස ගස් (වීඩියෝ)

කොළඹ නගරසභා සීමාවේ මාර්ග අසල ඇති අනතුරු සිදුවේ යැයි සැක සිතන ගස් කපා ඉවත් කිරීම අද (08) දිනයේ සිදු වුණා.

ඒ, අනුව කොළඹ නගර සීමාවේ පාරවල් රැසක වසර 100 කට ආසන්න පැරණි විශාල ගස් රැසක් කපා ඉවත් කළ අතර, ඇතැම් ගස්වල විශාල අතු කපා ඉවත් කිරීමටයි කටයුතු කළේ.

පසුගිය සිකුරාදා කොල්ලුපිටිය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් මතට මාර්ගය අසල තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් මිනිස් ජීවිත පහක් අහිමි වුණා.

එම අනතුරෙන් පසුවයි කොළඹ නරගයේ මාර්ග අසල ඇති අනාරක්ෂිත ගස් සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවදානය යොමු වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?