කොළඹ ආරක්ෂාව තර කිරීමට හේතුව හෙළිවෙයි

කොළඹ ප්‍රදේශ කිහිපයක ආරක්ෂාව තර කළ හේතුව සම්බන්ධයෙන් පොලිසිය පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරක් මත මෙලෙස ආරක්ෂාව තර කර ඇති බවයි.

ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් පොලිසිය කරුණු හෙළි නොකළ ද අනාවරණ වී ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලය තුළ 750ක පමණ පිරිසක් කැරලිකාරී ලෙස හැසිරීමට සැලසුම් කර ඇති බවට බුද්ධි තොරතුරක් ලැබී ඇති බවටයි.

ඒ අනුව මෙම ආරක්‍ෂිත පියවර ගෙන ඇති බව සඳහන්.

කොළඹ මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ පොලිස් කැරලි මර්දන කණ්ඩායම් යොදවා තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, බුද්ධි අංශ වෙත ලැබෙන අදාළ තොරතුරු පිළිබඳ යාවත්කාලීනයක් ලැබෙන තුරු අදාළ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරන බවයි.

රජයට බලපෑම් කිරීමේ කුමන්ත්‍රණයක් කොළඹ විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන බවට ලැබුණු බුද්ධි තොරතුර හේතුවෙන් නිදහස් චතුරස්‍රය අවට ප්‍රදේශය කොල්ලුපිටිය මංසන්ධිය අරලියගහ මන්දිරය ඇතුලු ප්‍රදේශවල ආරක්ෂාව තර කර තිබුණා.

එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලය ලංකා බැංකු මාවත ඇතුලු ප්‍රදේශවල ද ආරක්ෂාව තර කර ඇති ආකරය දක්නට ලැබුණා.

මෙම ආරක්ෂාව තර කිරීම හමුවේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ රජයට බලපෑම් කිරීමේ උත්සාහය අසාර්ථක වී ඇතැයි ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
5
+1
148
+1
9
+1
7
+1
18
+1
18
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?