spot_imgspot_img

කොළඹට කුඩු බෙදන කුමාරිගේ චූටා අල්ලයි

කොළඹ ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම මෙහෙයවන තොටළඟ කුමාරි යන අයගේ ප්‍රධාන ගෝලයෙකු වන මාකොළ චූටා නැමැත්තා හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සපුගස්කන්ද පොලිස් වසමේ මාකොළ පාර, කනත්ත හංදියේ දී ඊයේ (07) සිදුකළ වැටලීමක දීයි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 50 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑමි 11යි මිලිග්‍රෑම් 200ක් සොයාගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා සපුගස්කන්ද පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කදවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකය (කොළඹ කළාපයේ) නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?