Fly high Get bonus Aviator Phone

කොවිඩ් සෑදුණු මහියංගණ සභාපති හඬා වැටෙයි

කොවිඩ් 19 ආසාදිත බවට ඊයේ (15) දින හඳුණා ගත් මහියංගණ ප්‍රාදේශීය සභාවේ සභාපති කරූ වීරරත්න සංවේදී වෙමින් හඬා වැටුණා.

සභාපතිවරයා කොවිඩ් 19 ආසාදිත බවට අනාවරණය වූයේ දින කිහිපයකට පෙර ලබා ගත් ඔහුගේ ජෛව සාම්පලවලට අදාළ PCR වාර්තාව ලැබීමත් සමගයි.

සභාපතිවරයා මෙන්ම ඔහුගේ රියදුරා ද ආසාදිතයෙකු බව මෙහි දී හඳුණා ගනු ලැබුවා.

මේ අතර පසුගිය (07) වැනි දා ලබාගත් තමාගේ ජෛව සාම්පලවලට අදාළ PCR වාර්තාව පැමිණීමට දින 08ක් පමණ ගත වීම පිළිබඳව කරූ වීරරත්න සභාපතිවරයා සිය දැඩි කණගාටුව පළ කළා.

ඒ අතරතුර කාලය තුළ තමන්ට ඉතාමත් දරුණූ සංකූලතා මතුවූ බවත්, එම දින කිහිපයේ දී තමා මියයන්නට පවා ඉඩ තිබූ බවත් ඔහු පවසනවා.

සිය දිවියෙහි පළමු වරට මරණ බිය දැණුනු බව සඳහන් කරන සභාපතිවරයා පෙන්වා දෙන්නේ PCR වාර්තා දින ගණනාවක් ප්‍රමාද වීම හරහා කොවිඩ් 19 ආසාදනය වී රෝගී තත්ත්ව උත්සන්න වී සිටින අවස්ථාවේ දී රෝගීන්ට නිවසේ සිටීමට සිදුව ඇති බවයි.

තමන් සභාපතිවරයා වීම හේතුවෙන් සහ සිය පවුලෙහි ආර්ථික පසුබිම මත කෑම බීම ආදිය නොඅඩුව තමන් හට ලැබුණු බවත්, මිතුරු වෛද්‍යවරුන්ගෙන් වෛද්‍ය උපදෙස් ආදිය ද ලැබුණු බවත් පවසන සභාපතිවරයා ප්‍රශ්ණ කරන්නේ මෙම රෝගය ගම්මානවල සිටින අසරණ ජනතාව වෙත වැළඳුණු විට ඔවුන්ට කෑම බීම ආදිය ලැබෙන්නේ ද යනුවෙන්.

තමා ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳව අදාළ බලධාරීන් තමන්ගෙන් විමසා සිටියේ, ජෛව සාම්පල ලබා ගත් මොහොතින් දින 08 කට පසු තමා ආසාදිත බවට හඳුණාගැනීමෙන් අනතුරුව බවයි ඔහු පවසන්නේ.

සාම්පල ලබා ගැනීමට පෙර එනම් දින 10කට පමණ පෙර ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳව හරි හැටි පැවසීමට මතකයක් නොමැති බවත්, මහියංගණ ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් එම කාලයේ දී තමන්ව මුණ ගැසීමට පැමිණි බවත් ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව තම ආශ්‍රිතයින් බොහෝ පිරිසක් මහියංගණය ප්‍රදේශයේ වාසය කරනු ඇති බවට ඔහු සැක පළ කරනවා.

මෙවන් තත්ත්වයක් තුළ දෛනිකව හමුවන රෝගීන් ප්‍රමාණය ලෙස නිවේදනය කරන සංඛ්‍යාවලට වඩා පිරිසක් සමාජය තුළ සිටිනු ඇති බව ද ඔහු සඳහන් කරනවා.

PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගත් දිනයේ සිට නිසි සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව තමා නිවසෙන් බැහැර නොයා කටයුතු කළ නමුත් එලෙස කටයුතු නොකරන පුද්ගලයින් ද සිටින බව ඔහු සිහිපත් කළා.

නිවසේ නිරෝදායනය වෙමින් සිටි තමන් හට හුස්ම ගැනීමේ අපහසුතා දැඩි ලෙස දැණුනු බවත් තමාව රෝහල්ගත කිරීම සිදු කළ යුතුව තිබුණේ මීට පෙර බවත්, එවැනි අසරණ අවස්ථාවකට පත් වූ විට මිල මුදල් හෝ තනතුරු හෝ වෙනත් කිසිම දෙයකින් ඵලක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.

මරණ බය දැණුනු විට කෙනෙකු දැඩි ලෙස අසරණ වන බව කියමින් සභාපතිවරයා සංවේදී වෙමින් හඬා වැටෙන්නට ද වූවා.

https://youtu.be/X-ccs0X6_Es
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටීචර් අම්මාගෙ කෙරුම්කාරම්වකට ලක් වූ තරුණයාට ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග
01:48
Video thumbnail
සියලුම ජනමාධ්‍යවේදීන්ට ආසිරි පතා කිරිවෙහෙර හීදී පැවැත්වූ විශේෂ පූජාව
01:11
Video thumbnail
හල්ලොලුවට වෙ# තැබීම කුමන්ත්‍රණයක් ? - අජිත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
32:55
Video thumbnail
හර්ෂණ ලෙසටම ආණ්ඩුවට දෙසයි
08:07
Video thumbnail
ජාතික රණවිරු සැමරුමට එන්නෑ කියූ ජනපති, එන්න තීරණය කරයි
02:29
Video thumbnail
කොටහේන වෙ#ඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් මාට්ටු
01:21
Video thumbnail
සෙල්ලම් බඩු ආනයනය රටට අත්‍යාවශ්‍ය නෑ
05:31
Video thumbnail
ෆන් එක ඔයාලා ගන්න හැබැයි පරිස්සමින්
01:08
Video thumbnail
මෙරට අලි - ඇතුන් ඝා#නය කිරීමට එරෙහිව මහජන පෙත්සමක්
02:33
Video thumbnail
‍රංජිත් මද්දුමබණ්ඩාරට යකා ආවේශ වෙයි - ඇයි අපේ සාකච්ඡා කඩාකප්පල් කරන්නද හදන්නේ
01:43

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?