Fly high Get bonus Aviator Phone

කොවිඩ් පැතිරීමෙන් රෝහලක් වසාදමයි

රෝහල් කාර්යය මණ්ඩලයට අයත්  වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව හඳුණා ගැනීමත් සමග ඩයගම ප්‍රාදේශීය රෝහල වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

ආගරපතන, ඩයගම පිහිටි මෙම රෝහල නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය යටතේ පාලනය වන්නක්.

මෙම ප්‍රදේශයේ සත්ත්ව ගොවිපොළක සේවක පිරිසකට කොවිඩ් 19 ආසාදනය වී තිබූ බවත්, ඔවුන් හරහා වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වන්නට ඇතැයි සැක කෙරෙන බවත් පැවසෙනවා.

එමෙන්ම අදාළ ආසාදිත වෛද්‍යවරයාගේ ලඟම ආශ්‍රිතයින් වූ එම රෝහලේ සේවය කළ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු කාර්යමණ්ඩලයේ තවත් 16 දෙනෙකු ස්ව්‍යං නිරෝදායනයට යොමු කර තිබෙනවා.

එවන් වාතාවරණයක් යටතේ රෝහල පවත්වාගෙන යාමට නොහැකි බැවින් එය වසා දැමීමට පියවර ගත් බව ලිඳුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න ප්‍රකාශ කළා.

රෝහල අවට පදිංචිකරුවන්ට ආගරපතන ප්‍රාදේශීය රෝහලට පැමිණ ප්‍රතිකාර ගැනීමට හැකි බව ද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?