කොවිඩ් දත්ත අවුලක් – නිවැරදි කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

මේ අතර, ඊයේ දිනයේ දී හඳුනාගත් නව ආසාදිතයින් 2987 අතරින් වැඩි ම පිරිස වන 468ක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රිකයෙන්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 310ක් වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත්, ආන්දෝලනයකට ලක් වී ඇති ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35ක් ඊයේ වාර්තා වීම විශේෂත්වයක්.

ගම්පහ දිස්ත්‍රික්කයේ සහ නැගනෙනහිර පළාතේ ආසාදිතයින් වාර්තා කිරිමේ දී ඇති වූ දෝෂයන් කඩිනමින් නිවැරදි කරන බවයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී කියා සිටියේ.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වුවා,

“නැගෙනහිර පළාතේ එවැනි තත්වයක් ගැන වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් වැරදීමක්ද නැත්තම් ඒ දත්ත පිළිබඳව මේ දක්වා එලියට ඉස්මතු නොවන කරුණක් පිළිබඳවද කියලා අපි දන්නේ නැති නිසා ඒක වසංගත රෝග විද්‍යා අංශයත් එක්‌ක සාකච්ජා කරලා ඒකේ වරදක් වෙලා තියෙනවා නම් ඒක වහාම නිවැරදි කරනවා. අපි ඔය 7000 කියන ඉලක්කම එක තැනකින් ආරම්භ වෙච්ච දෙයක් අපිට ඒක පාර්ශිකව කියන්න බැහැ නැහැ 7000ක් නැහැ එහෙම වරදක් වෙලා නැහැ කියලා. ඒ වගේම ඒ 7000 පිළිබඳව කතා කරන අයටත් පුළුවන් කමක් නැහැ අපි නිවැරදියි අපි මේ 7000 පිළිබඳව ගැටළුවක් තියෙනවා කියලා කියන්න. අපි දෙගොල්ලොම එකතු වෙලා හැකි ඉක්මනින් ඒ පිළිබඳව නිවැරදි එකඟතාවයෙන් යුතුව ඒ වෙච්ච දේ පිළිබඳව ප්‍රකාශයක් අපි ඉදිරිපත් කරනවා. මොකද ඒක අපි කවුරුත් දන්නවා මේ දත්ත විශාල වෙහෙසකින් තමයි එකතු කරන්නේ. කවදාකවත් මේ දත්ත හංගලා හෝ අඩු කරලා හෝ පෙන්වලා මේ ප්‍රශ්නය විසදන්න බැහැ මොකද මේක කොයි මොහොතේ හෝ පුපුරලා යනවා.”

මේ අතර, විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන්ට අදාළ නිරෝධායන නීති ඇතුළත් මාර්ගෝපදේශවල සංශෝධන කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති එම සංශෝධනවලට අනුව, පූර්ණ එන්නත්කරණය ලබා ඉන්දියාවේ සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්, ද්විත්ව පුරවැසියන් සහ ඔවුන්ගේ විදේශීය සහකරුවන්, සහකාරියන් සහ ළමයින් තවදුරටත් විදේශ අමාත්‍යාංශයෙන් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් පූර්ව අවසර ලබා ගැනීම අවශ්‍ය වන්නේ නැහැ.

කෙසේ නමුත්, ඔවුන් දිවයිනට පැමිණි පසු රජය මඟින් ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථානයක දී කොරෝනා පරීක්ෂණයකට භාජනය කර ආසාදිතයන් නො වන බව තහවුරු කළ යුතු වනවා.

ඉන් පසු ඔවුන්ගේ නිවහනක් ඇත්නම් නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හරින අතර, දින 10ක දී තවත් කොරෝනා පරීක්ෂණයකට ලක් කිරීමට නියමිත යි.

මේ අතර, සියලුම විදේශිකයන් සහ විදේශ ගමන් බලපත්‍ර දරන ද්විත්ව පුරවැසියන් පසුගිය දින 14 තුළ ඉන්දියාවේ ගත කර දිවයිනට පැමිණෙන්නේ නම්, ඔවුන් විදේශ අමාත්‍යාංශයෙන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අනුමැතිය ලබාගත යුතුයි.

නව සංශෝධනයට අනුව ඉන්දියාව හෝ සංචාර සීමාවන් ක්‍රියාත්මක රටකින් හැර වෙනත් රටකින් පැමිණෙන පූර්ණ එන්නත්කරණය ලැබූ සංචාරකයන් දිවයිනට පැමිණ පළමු දිනයේ කොරෝනා පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නො වන බව තහවුරු වේ නම්, නිරෝධායනයෙන් නිදහස් කෙරෙනු ඇති.

ඔවුන් දින 7කින් කොරෝනා පරීක්ෂාවට ලක් කිරීම අවශ්‍ය නො වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නව සංශෝධනවලට ඇතුළත්.

මේ අතර, ඊයේ දිනයේ දී මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා 360,693ක් ලබා දී තිබෙනවා. එහි දී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 81,000කට ලබා දී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 228,790ක්. ඊට අමතර ව, කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේ දී 39,361කට ලබා දී තිබෙනවා.

ඒ අනුව, මේ දක්වා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 1,222,043ක්. එහි දෙවන මාත්‍රාව 868,058 දෙනෙකුට ලබා දී තිබෙනවා. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 9,140,644කට ලබා දී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 2,884,051ක්. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව 159,081කට ලබා දී ඇති අතර, ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 251,846ක්. එමෙන් ම, මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ද 761,136 දෙනෙකුට ලබා දී තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ශ්‍රි ලංකා පොලීසිය සහ කොළඹ මහනගර සභාව මගින් කොළඹ නගරයේ සහ අනෙකුත් දිස්ත්‍රික්කවල සංවිධාන කරන කොරෝනා එන්නත්කරණ වැඩසටහන් අදත් ක්‍රියාත්මකයි.

එසේ ම, ශ්‍රි ලංකා පොලිසිය මඟින් සිදු කරන ලබන එන්නත්කරණ වැඩසටහනක් අද මෝදර මිහිජය සෙවණ ප්‍රජා ශාලාවේ දී පැවැත්වෙනවා. අද පෙරවරු 9.00ට ආරම්භ වූ එම වැඩසටහන පස්වරු 5.00 දක්වා ක්‍රියාත්මකයි. ඒ අනුව කිසිදු එන්නතක් ලබා නො ගත් අවුරුදු 30ට වැඩි කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින්ට එම ස්ථානයට පැමිණ එන්නත් ලබා ගත හැකි වනවා.

එන්නත්කරණයට ලක් වුව ද, වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බව යි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

එසේ ම, කොරෝනා රෝගය වැළඳී මිය ගිය අයගේ මෘතදේහ ප්‍රමාදයකින් තොර ව ආදාහනය කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස පළාත් පාලන ආයතන ප්‍රධානින්ට උපදෙස් ලබා දෙන ලෙස, පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10
Video thumbnail
මේ වෙනස කරන්නේ ඒකාධිපති ක්‍රමවේදයකට..විශ්වවිද්‍යාල පනතක් නිසා සජිත් කුපිතවෙයි..
05:37


?