කොල්ලකෑම් රැසකට සම්බන්ධ කඩු කල්ලියක 04 ක් යාපනේදී අත්අඩංගුවට

යාපනය දිස්ත්‍රික්කයේ මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ කඩු කල්ලියක සාමාජිකයින් පිරිසක් යාපනය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ සැකකරුවන් ඉකුත් 03 දා අලුයම කොපි ප්‍රදේශයේ නිවසකට කඩු සමඟ ඇතුළු වූ පස්දෙනෙකුගෙන් යුතු කල්ලියක් නිවැසියන් බිය වද්දා එම නිවසේ වූ පවුම් 12 ක පමණ ස්වර්ණාභරණ කොල්ලකා පලාගිය බවට කෝපායි පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර ඒ අනුව යාපනය පොලිසියට අනියුක්ත විශේෂ පොලිස් කණ්ඩායමක් ඒ පිළිබද පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

ඒ අනුව සිදු කල වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර යාපනය චුන්නාකම් හා ඉනුවිල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 හා 26 යන වයස් වල පසු වන සැකකරුවන් හතරදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා

එහිදී සැකකරුවන් සතුව තිබි කොල්ලකන ලද ස්වර්ණාභරණ වලින් කොටසක් හා කඩු කීපයක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන වලදී ඉකුත් තයිපොන්ගල් දිනයේදී ගුරුවරියකගේ ගෙල බැදී මාලයක් කොල්ල කෑමේ සිද්ධියකටද මෙම කල්ලිය සම්බන්ධ බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු යාපනය පොලිසිය මගින් සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?