කොරෝනා ව්‍යාප්තිය හමුවේ ඩෙංගු වෛරසය ද ව්‍යාප්ත වීමේ ප්රවනතාවක් පවතින බැවින් ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ උණ සහ ඇගපත වේදනාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් ඒ පිළිබද වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ඔහු පෙන්වා දුන්නේය.
ඩෙංගු රෝගීන් වාර්තා වීම පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව මෙම මාසයේ දී වැඩි වීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය සඳහන් කළාය.
ජුනි සහ ජූලි මාසයන්හිදී ඩෙංගු වැඩිවීමේ අවදානමක් තිබෙන අතර මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 7674 දෙනෙකු වාර්තා වී තිබේ.