කොරියාවේ රැකියා කරන්න යන ඔයාට සුබ පුවතක්

තාවකාලිකව අත්හිටුවා තිබු කොරියාවේ රැකියා සඳහා ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම නැවත ආරම්භ කර තිබේ.

2020 පෙබරවාරි මාසයේ සිට වසර දෙකක ට ආසන්න කාලයක් ශ්‍රමිකයින් අලුතින් ගෙන්වා ගැනීම කොරියානු රජය විසින් අත්හිටුවා තිබුණි.

ඒ අනුව කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව අලුතින් රැකියා සඳහා පිටත්ව යන 33 දෙනෙකු ඊයේ (07) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දකුණු කොරියාව බලා පිටත්ව ගියහ.

එම ශ්‍රමිකයින් පිටත්ව යාමේ අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න, කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නේවාසික අධ්‍යක්ෂක Kim Won Seok මහතා, කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) මංගල රන්දෙණිය, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ගුවන් තොටුපොළ) ජගත් බටුගෙදර යන මහත්වරුන් එක්ව සිටියහ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?