කොන්ක්‍රීට් කණුවක් සිරුර මතට වැටී දැරියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

නිවසක අනාරක්ෂිතව ඉදිකරමින් තිබූ කොන්ක්‍රීට් කණුවක් සිරුර මතට කඩා වැටීමෙන් කුඩා දැරියක් අද (18) පෙරවරුවේ මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි නෙවින්දි යහාර දෙව්මිණි නැමැති 09 හැවිරිදි දැරියක්.

මෙම දැරිය අද පෙරවරුවේ සිය පියා සමඟ නිවසේ අනාරක්ෂිතව ඉදිකරමින් තිබූ කොන්ක්‍රීට් කණුවක ඔන්චිල්ලාවක් සෑදීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී එම කොන්ක්‍රීට් කණුව දැරියගේ සිරුර මතට කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරෙන් දැරියගේ පියා ද බරපතළ තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බරපතළ තුවාල ලැබූ පියා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මාතර මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලක බාල දරුවා බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය විසින් විමර්ශන සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
0
+1
62
+1
6
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?