AFC Banner
AFC Banner
Empty Ad

කොදෙව්වන් බංග්ලාදේශය හමුවේ දෙවැනි ටෙස්ට් තරගය පරදියි

සංචාරක බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 101ක විශිෂ්ට ජයක් හිමිවුණා.

තරගය කින්ග්ස්ටන් හි දී ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමු ව පන්දුවට පහර දුන්නා.

එහිදී පළමු ඉනිම සඳහා බංග්ලාදේශය රැස් කළේ ලකුණු 164ක් පමණයි.

සිය පළමු ඉනිම වෙනුවෙන් බංග්ලාදේශය වෙනුවෙන් ශඩ්මන් ඉස්ලාම් ලකුණු 64ක් ලබාගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ජේඩ්න් සීල්ස් ලකුණු 05කට කඩුලු 04ක් බිඳ දැමුවා.

ශමර් ජෝසප් කඩුලු 03ක් සහ කෙමර් රොච් කඩුලු දෙකක් ද, එක් කඩුල්ලක් අල්සාරි ජෝසප් විසින් ද බිඳ හෙලනු ලැබුවා.

ඉන් අනතුරුව සිය පළමු ඉනිමට පිතිකරණය ඇරඹි කොදෙව්වන්ට බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ ලබාගත හැකි වූයේ ලකුණු 146ක් පමණයි.

නහිඩ් රනා කඩුලු 05ක් බිඳ දැමීමට සමත් වුණේ බංග්ලාදේශයට පළමු ඉනිමේ වැඩි වාසි ගෙන දෙමින්.

සිය දෙවැනි ඉනිමට පිතිකරණය ඇරඹූ බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 268ක් ලබාගත්තා.

ඒ අනුව කොදෙව්වන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 366ක ඉලක්කයක් හිමිවුණා.

නමුත් බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ කොදෙව්වන්ට සිය දෙවැනි ඉනිමේ දී සියල්ලන් ම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 181ක් පමණි.

දෙවැනි ඉනිමේ කඩුලු බිඳ දැමීමේ දී ටයිජුල් ඉස්ලාම් කඩුලු 05ක් ද ටස්කින් අහමඩ් සහ හසාන් මහම්මුද් කඩුලු 02 බැගින් බිඳ දැමුවා.

එක් කඩුල්ලක් නහිඩ් රනාට හිමිවුණා.

ඒ අනුව ටෙස්ට් තරග 02කින් සමන්විත වූ තරගාවලිය තරග 1-1ක් ලෙස සමකරගැනීමටයි බංග්ලාදේශයට හැකිවුණේ.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මානය ටයිජුල් ඉස්ලාම් විසින් දිනාගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?