කොටුව දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරනවා.

කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණය කටයුතු ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව සිදු කිරීමට නියමිතයි.

මේ යටතේ කොටුව දුම්රිය ස්ථානය නවීන පහසුකම් සහිත දුම්රිය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගනු ඇති.

ඒ සඳහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 1395ක් වන අතර, ව්‍යාපෘතිය මාස 15ක කාලසීමාවක් තුළ අවසන් කිරීමට නියමිතයි.

අදාළ සංවර්ධන වැඩකටයුතු මේ වසර අවසානයේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?