Fly high Get bonus Aviator Phone

කොටස් එකලස් කර සකස් කළ ජීප් රථයක් හමුවෙයි

නීතිවිරෝධී අයුරින් කොටස් එකලස් කර සකස් කරන ලද රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් සුඛෝපභෝගී ජීප් රථයක් හලාවත මැරවල ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

චැසි හා එන්ජින් අංක නීති විරෝධී අයුරින් ඇතුළත් කල සුඛෝපභෝගී ජීප් රථයක් ඇති බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායය ලැබුණු තොරතුරක් අනුවයි වැටලීම සිදු කර ඇත්තේ.

ජීප් රථය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේ දී එය පරිහරණය කළ පුද්ගලයා සතුව වහනයට අදාළ කිසිදු ලේඛනයක් නොතිබූ බව ද සඳහන්.

ඔහුගෙන් ඒ පිළිබඳ විමසීමේදී ප්‍රකාශ කර ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මෙම ජීප් රථය මීට මාස 6කට පමණ ඉහත දී මිළ දී ගත් බවයි.

ආදායම් බලපත්‍රය ලබා ගැනීමට ගිය අවස්ථාවේ ද ඇති ඇතිවූ ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් ඒ පිළිබඳ ජීප් රථය අලෙවි කළ පුද්ගලයාට පැවසීමෙන් අනතුරුව එය සකස් කර දෙන බවට පොරොන්දු වී ඔහු සියලු ලිපි ලේඛන ලබා ගත් බවට අනාවරණය වී තිබෙනවා.

එම පුද්ගලයා ජීප් රථය මිලදී ගත් බව කියන ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරු වාහන ජාවාරම්කරුවකු බවත් ඔහු වංචනික ක්‍රියා රැසකට පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සඳහන්.

ජිප් රථය මේ වනවිට හලාවත පොලිස් භාරයට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?