වෑන් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පදවිය අලිවංගුව ප්‍රදේශයේදී සිදු කළ දරුණු පහර දීමක් හේතුෙවන් තුවාල ලැබූ නීතිඥවරයෙකු ප්‍රතිකාර සඳහා පදවිය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පදවිය පොලිසිය පවසයි.
පෙරේදා (12) පස්වරුවේ කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ සිට රාජකාරි නිමවා යතුරුපැදියකින් පදවි ශ්‍රී පුර පිහිටි සිය නිවෙසට යමින් සිටියදී කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයකින් පැමිණි දෙදෙනෙකු පදවිය අලිංවංගුව නගරාසන්නයේදී මාර්ගය හරස් කොට නීතිඥවරයා පැමිණි යතුරුපැදිය නවතා නීතිඥවරයාගේම හිස් වැසුම ගලවාගෙන එම හිස් වැසුමෙන් සහ අතින් පයින් මෙම දරුණු පහර දීම සිදු කර ඇති බවද පවසන පදවිය පොලිසිය පහර දීමෙන් පසුව සැකකරුවන් පලා ගොස් ඇති බවද පවසයි.
මෙලෙස පහර කෑමට ලක්වු තැනැත්තා දැනට පදවිය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි. තමන්ට සිදු කළ මෙම පහර දීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාට සහ ලේකම්වරයාට ද පැමිණිලි කොට තිබේ.
මෙම පහර දීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය කර ගෙන නොමැති අතර, නඩුවකට පෙනී සිටීම හේතුවෙන් පහර දීම සිදු කරන්නට ඇති බවට විමර්ශන සිදු කරන පදවිය පොලිසිය සැක පළ කරයි.