spot_imgspot_img
spot_img

කේරළ ගංජා ජාවාරමේ නිරතවූ අඹුසැමි යුවළක් අත්අඩංගුවට

දීර්ඝ කාලයක සිට කේරළ ගංජා ජාවාරමේ නිරතවූ අඹුසැමි යුවළක් ගංජා තොගයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උතුරු පළාත් විශේෂ වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුවයි ත්‍රිකුණාමලය තිරිකඩලුර් ප්‍රදේශයේ වැටලීම සිදු කර ඇත්තේ.

එහිදී කේරළ ගංජා කිලෝ 10යි ග්‍රෑම් 610ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අවුරුදු 43ක අයක් වන අතර කාන්තාව 38 හැවිරිදි අයෙක්.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා ත්‍රිකුණාමල පොලිසිය වෙත භාරදී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?