කේරළ ගංජා කිලෝ 10ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 10ක පමණ තොගයක්, සහ සැකකරුවෙකු සමග යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව ඊයේ (06) රාත්‍රියේ කිලිනොච්චිය, වට්ටකච්චි ප්‍රදේශයේ කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී යි සැකකරු අත්අඩංගුවට පත්වී ඇත්තේ.

මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, ප්‍රදේශයේ කුඹුරු යායක සැක කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම කුඹුරු යායේ සඟවන ලද පාර්සල් 05ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 10ක පමණ තොගයක් සොයා ගැනුණා.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 3කට අධික වන බවටයි විශ්වාස කෙරෙන්නේ.

වයස අවුරුදු 20ක් වන සැකකරු කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරු සහ කේරළ ගංජා තොගය මෙන්ම යතුරුපැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා රාමනාදපුරම් පොලිසිය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?