කෙසෙල්වත්තේ සිදුවූ මනුශ්‍ය ඝාතනයකට පොඩි කංචි අත්අඩංගුවට

පසුගිය සතියේ ශාන්ත  සෙබස්තියන් වීදිය,කෙසෙල්වත්ත,කොළඹ 12 ප්‍රදේශයේදී  වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උත්සහ කර තිබුණු අබ්දුල් රෂිඩ් මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් රසීන් නොහොත් පොඩි කංචි නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුව සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසිනුයි  අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කොළොන්නාව ප්‍රදේශයේදී වන අතර සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 945ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා මොහොතේ සැකකරු නිදාසිටි ස්ථානයේ තිබූ කොට්ටය තුළ සඟවා තිබුණු ගිනිඅවියක් සහ ජීව උණ්ඩ දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?