කෙසෙල්වත්තේ දිනුකගේ සිරුර, හොර පාරෙන් ලංකාවට ආපු හැටි හෙළි වෙයි

කෙසෙල්වත්ත දිනුකගේ මෘත ශරීරය සම්බන්ධයෙන් DNA වාර්තාවක් ලබාගැනීමට නියෝගයක් ලබාදී ඇතැයි පොලිසිය පවසනවා. එම වාර්තාව ලබාගැනීමෙන් පසු සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ. දැනට මෙම මළ සිරුර මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. ඩුබායි රාජ්‍යයේදී මියගිය බවට සැක කෙරෙන කෙසෙල්වත්තේ දිනුක නැමති පාතාල සාමාජිකයාගේ මළ සිරුර වෙනත් නමකින් මෙරටට රැගෙන විත් ඇති බවටයි අද පැවති පොලිස් මාධ්‍ය හමුවේදී හෙළිවුයේ.

කෙසේවෙතත් මෘත ශරීරයේ මෙරට භාරකරු ලෙස හැඳින්වෙන කෙසෙල්වත්තේ දිනුකගේ මවට එවැනි නමකින් යුතු දරුවෙකු නොමැති බවට හෙළිකරගෙන තිබෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් භාණ්ඩ සේවාව ඔස්සේ දිවයිනට රැගෙන විත් ඇති මෙම මෘත දේහය මේ වන විට කටුනායක ශ්‍රී ලන්කන් ගුවන් භාණ්ඩ සේවාව සතු ගුදමේ තැන්පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ. මළ සිරුර සම්බන්ධයෙන් මීගමුව අධිකරණයෙන් ලබාගන්නා නියෝගයක් මත DNA සහ ඇඟිලි සලකුණු පරීක්ෂණයක් සිදු කර අනන්‍යතාව සහතික කර ගැනීමෙන් පසු ඉදිරි කටයුතු  සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කොළඹ ප්‍රසිද්ධ මල් ශාලාවක් භාරයේ මෙම සිරුර දිවයිනට රැගෙන විත් ඇති අතර දැනට පවතින කොවිඩ් 19 නීති රීති අනුව අදාළ මළ සිරුර මීගමුව ප්‍රදේශය තුල භූමදානය හෝ ආදාහනය කළ යුතු බව ද  ඔහු කියාසිටියා. කෙසෙල්වත්ත දිනුක සම්බන්ධයෙන් මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලදී ඔහු මාකඳූරේ මදුෂ් නැමති පාතාල සාමාජිකයා සමග සමීප සබඳතා පවත්වා ඇති බවට හෙළිවී ට තිබෙනවා. ඒ අනුව පොලිසිය සැක කරන්නේ කෙසෙල්වත්තේ දිනුක මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ද සම්බන්ධවී ඇති බවටයි.ඒ අනුව පොලිසිය සැක කරන්නේ කෙසෙල්වත්තේ දිනුක මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ද සම්බන්ධවී ඇති බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42
Video thumbnail
පුද්ගලයෙක්ට සත්තම දාලා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ පොලිස් ඩබල
00:38
Video thumbnail
වාහනයක් පසුපස පැන්නූසද්ධන්තයා පුද්ගලයෙකු දුටු සැණින් කැළෑවට දිව ගිය හැටි
00:33


?