ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය නිල x ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
එම සටහනෙන් ඔහු සදහන් කරන්නේ හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර පුහුණුකරුවෙකු ලෙස ජාතික කණ්ඩායම සමග එක්කරගැනීමට කාලය එළැඹ ඇති බවයි.
එම සටහනේ මාලිංග වැඩිදුරටත් සඳහන් කරන්නේ නුවන් කුලසේකර, ප්‍රභාත් නිශ්ශංක වැනි හිටපු ක්‍රීඩකයින් පුහුණුකරුවන් ලෙස ජාතික තලයට ගෙන ඒමට කාලය එළැඹ ඇති බවත් තමන් පසුගිය වසර කිහිපය තුළදී ඔවුන් සමග පුහුණුකරුවෙක් ලෙස කටයුතු කර ඇති බවත් එහිදී ඔවුන්ගේ දක්ෂතා සහ ප්‍රවීණත්වය දුටු බවත් මාලිංග වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවට සුභපැතුම් එක් කරන්නටත් මාලිංග අමතක කර නැහැ.