කුරුණෑගල නගරාධිපති උපන්දින සාදයක් දාලා (වීඩියෝ)

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඊයේ (30) සිය උපන්දින සැමරුම පොලිස් නිලධාරීන්ද පිරිවරා පවත්වා තිබෙනවා.

කොවිඩ් -19 වසංගය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලීසිය විසින් සංවිධානය කරන සත් දින පිරිත් දේශනාවක් මේ දිනවල එම පොලිස් ස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වෙනවා.

එම ස්ථානයට කුරුණෑගල නගරාධිපතිවරයා ඊයේ පස්වරුවේ සහභාගි වූ අතර එහිදි පොලිස් නිලධාරින් විසින් නගරාධිපතිවරයා වෙනුවෙන් උපන්දින කේක් ගෙඩියක් සූදානම් කර තිබෙනවා.

පසුව නගරාධිපතිවරයා එය කපා උපන්දින සාදය එම ස්ථානයේම පවත්වීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එය නිරෝධායන නීතින්ට පටහැනි ක්‍රියාවක් බවයි.

ඔහු සදහන් කරන්නේ මෙම සිදුවීම විමර්ශනය කිරීම සඳහා පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?