spot_imgspot_img

කුඹුක් දැව ජාවාරමක් වටලා ලක්ෂ 15කට වැඩි දැව සමඟ අයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

වැල්ලවාය, ආනපල්ලම වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් මහවෙලමුල්ල ප්‍රදේශයේ කිරිදි ඔය ආසන්නයේ සිදුකළ වැටලීමක දී මහා පරිමාණයේ කුඹුක් දැව ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිව තිබෙනවා.

මෙම වැටලීමේ දී කපන ලද රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් කුඹුක් දැව තොගයක් එම නිලධාරීන්ගේ භාරයට ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

එම දැව කපා ප්‍රවාහනය කිරීම සදහා සූදානම් කර තිබිය දී මෙලෙස වනසංරක්ෂණ නිලධාරීන්ගේ භාරයට ගැන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙහිදී එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පැල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කුඹුක් දැව තොගය ද සමඟ වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය, ආනපල්ලම වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?