spot_imgspot_img

කුණුගොඩේ සැඟවූ රන් ආභරණ, නගර සභා කම්කරුවන් යළි අයිතිකරුටම භාරදීලා (ඡායාරූප)

කසළ ගොඩක තිබූ පවුම් 08ක රන් භාණ්ඩ සොයා නැවත ඒවායේ අයිතිකරුට ලබාදීමට යාපනය, චාවකච්චේරි නගර සභාවේ කම්කරුවන් පිරිසක් ඊයේ (21) කටයුතු කර තිබෙනවා.

චාවකච්චේරි, මණ්ඩුවිල් ප්‍රදේශයේ නිවසක හිමිකරුවෙකු විසින් තම රන් ආභරණ සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට පරණ රෙදි කැබැල්ලක ගැටගසා නිවසේ කුණු දමන ස්ථානයක සඟවා තබා තිබෙනවා.

එහිදී කුණු ඉවතට දමන අවස්ථාවේ රන් ආභරණ ගැටගසා තිබූ රෙදි කැබැල්ල ද කුණු සමඟ පසුගිය 20 වනදා ඉවත දමා ඇති බවයි වාර්තා වුණේ.

අනතරුව රන් ආභරණ ගැටගසා තිබූ රෙදි කැබැල්ල ද කසළ සමඟ ඉවත්කර ඇති බව දැනගත් නිවෙස් හිමියා, එදින කසළ රැගෙන යාමට පැමිණි ට්‍රැක්ටරය පිළිබඳව නිවසේ සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවෙන් තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.

පසුව අදාළ සිද්ධිය පිළිබඳව නගර සභාවේ කම්කරුවන් දැනුවත්කර ඇති අතර, අනතුරුව කසළ ගොඩ ගෙනවිත් දැමූ ස්ථානය සෝදිසි කළ කම්කරුවන්ර රන් ආභරණ ගැටගසා තිබූ රෙදි කැබැල්ල සොයා ගැනීමට හැකිව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුරුව එය යළිත් එහි හිමිකරුවන්ට ලබාදීමට නගර සභාවේ කම්කරුවන් කටයුතු කර ඇති අතර,පවුම් 08ක රන් භාණ්ඩ එහි තිබී ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
1
+1
12
+1
1
+1
2
+1
4
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?