Empty Ad
AFC Banner

කුඩු ජාවාරමා පොලිසියට කුදලන් යද්දී කුඩු ටික ගිලලා – ප්‍රතිකාර සඳහා රෝහලට

මත්කුඩු ජාවාරම්කරුවෙක් පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟ තමන් සන්තකයේ තිබූ මත්කුඩු ගිල දැමීමෙන් පසුව ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මාරවිල – තෙප්පම්පොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක පුද්ගලයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම සැකකරු ඊයේ (02) අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී සැකකරු පොලිසිය වෙත රැගෙන යන අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය මෙලෙස ගිලදමා තිබෙනවා.

අනතුරුව පොලිස් නිලධාරීන් විසින් ඔහුව ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

මොහු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 5275ක් ද සොයාගෙන ඇති අතර, සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අපි අපේ ඉලක්කයන් වෙත හරියටම යන්නේ
05:41
Video thumbnail
මේ මාසේ මෙච්චර දේවල් වුණාද ? ඇහුවත් පුදුම හිතෙන දේවල්
10:07
Video thumbnail
එදා විජිත කියන දේ අද ඉන්න ඇමති ඇහුවනම් තෙල් අඩු කරන්න තිබ්බා හැබැයි
02:59
Video thumbnail
දුම්රිය රියදුරු නිසා නූලෙන් බේරුණු වන අලියා
03:57
Video thumbnail
පොලිසිය නින්දේ - මැරයෝ තාම නිදැල්ලේ
03:34
Video thumbnail
චීන භාෂාවෙන් කතා කරලා චීන තානාපතිත් කොර කරපු අපේ හාමුදුරුවෝ
13:32
Video thumbnail
කාලයක් විසඳන්න බැරි වුණු ප්‍රශ්නයක් සෞඛ්‍ය ඇමති නලින්ද විසඳයි
03:49
Video thumbnail
පොහොට්ටුවේ හිටපු නාගරික මන්ත්‍රී එන්න කියලා ජේ.වී.පී එකට සබ්බුව දෙයි
02:01
Video thumbnail
ලාල්කාන්ත ගේමට බැහැලා ඉන්නේ - ඉස්සර සෙල්ලම් දැන් බෑ
09:35
Video thumbnail
අයහපත් කාලගුණයෙන් දරුවාගේ ජිවිතේ අනතුරේ - විශේෂ හෙළිදරව්ව මෙන්න
05:42

?