කුඩා දැරියකට පහරදුන් සැකකාර පියා රිමාන්ඩ්

බාල වයස්කාර දැරියකට අමානුෂික ලෙසට පහරදී බිරිඳට වීඩියෝ යැවූ සැකකාර පියා ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

සැකකාර පියා විසින් කුඩා දැරිය කෲර වද හිංසනයට ලක් කරන බවට වේයන්ගොඩ පොලිසියට ඊයේ පස්වරුවේ ලැබුණු පැමිණිල්ලකට අනුව බකමූණ අතරගල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු අතරගල්ලෑව ගමඇල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක්.

මව විදෙස් ගත වීම හේතුවෙන් වේයන්ගොඩ ප්‍රදේශයේ මිත්තණිය භාරයේ සිටි අවුරුදු 1 හමාරක් වන කුඩා දැරිය සැකකරු පදිංචි නිවසට රැගෙන ගොස් ඇත්තේ නැවත ඉක්මණින් රැගෙන එන බවට පවසමින්.

ඇය ඉතා සතුටින් සහ විනෝදයෙන් සිටින වීඩියෝ දර්ශන සැකකාර පියා විසින් මිත්තණියට වරින් වර යොමු කර ඇතැයි ද සඳහන්.

කෙසේවෙතත් මෙම පුද්ගලයා විසින් දැරියට කෝටුවලින් සහ අතින් අතිශය අමානුෂික ආකාරයෙන් පහරදී එහි වීඩියෝ දර්ශන විදේශගතව සිටින තම අනියම් බිරිඳ වන දැරියගේ මව වෙත යොමු කර වරින් වර මුදල් ඉල්ලා ඇති බවට පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

විදෙස්ගතව සිටින එම කාන්තාව විසින් තම මවට මෙම අමානුෂික පහරදීම සම්බන්ධයෙන් දැනුම්දීමෙන් පසු ඇය වේයන්ගොඩ පොලිසියට වහාම එම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතැයි සඳහන්.

ඒ අනුව වේයන්ගොඩ පොලිසිය විසින් බකමූණ පොලිසියට කළ දැනුම්දීමකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන දැරිය ආරක්ෂාව සඳහා පොලිස් භාරයට ගැණුනා.

ඒ අනුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර දැරියගේ ආරක්ෂාව සඳහා ඇය මිත්තණිය වෙත භාරදීමටයි නියෝග කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් බකමූණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
7
මලපනිනව !
5
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?