Fly high Get bonus Aviator Phone

කුඩයකුත් අරගෙනම යන්න ඕන හෙළ බොජුන්හල

මහනුවර, ගන්නොරුවේ පිහිටි හෙළ බොජුන් හලට යන ජනතාවට කුඩයක් අතැතිව යාමටත්, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන පුද්ගලයන්ට බුට් යුගලක් පැළදීමටත් සිදුව ඇති බව දසත නිවුස් වෙත වාර්තා වනවා.

මේ ඒම ස්ථානවල වත්මන් තත්ත්වය පිළිබඳ දසත නිව්ස් කළ විමසා බැලීමක්.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, දිවයින පුරා හෙළ බොජුන් අවන්හල් පවත්වාගෙන යන්නේ “දේශිය ආහාර පරිභෝජනය ඉහළ නැංවීම හා දේශීය ආහාර සුලබ කිරීමේ” සංකල්පය මෙරට ජනතාව අතරට ගෙනයාම සදහායි.

රස ගුණ මෙන්ම සාධාරණ මිලකට , බඩ කට පිරෙන්නට ආහාර ලබාගැනීමට හැකියාව ඇති හෙයින් බොහෝ දෙනෙකු හෙළ බොජුන් අවන්හල්වල සේවය ලබාගැනීමට පෙළඹී සිටිනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් ගන්නෝරුව, පේරාදෙණිය, මහනුවර සහ කුණ්ඩසාලේ යන ප්‍රදේශවල හෙළ බොජුන් අලෙවිසල් 04ක් ක්‍රියාත්මකයි.

ගන්නොරුවේ ස්ථාපිත කර ඇති හෙළ බොජුන් අලෙවි සැලට වැසි දිනවල ඔබ ආහාර ගැනීමට යන්නේ නම් අනිවාර්යෙන්ම කුඩයක් රැගෙන යායුතුම වනවා.

එසේ නොවුනහොත් ඔබහට සිදුවන්නේ ආහාර ගන්නා අතරවාරයේ හොඳ හැටි නාගන්නටයි.

සාමාන්‍යයෙන් රජයේ ආයතනවල සේවය ලබාගැනීමට යන ජනතාවට ඒම ආයතන බහුතරයක් සම්බන්ධයෙන් පවතින්නේ එතරම් හොඳ ආකල්පයක් නොවේ.

කෙසේ වෙතත්, ඒවන් පසුබිමක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් වැඩි වශයෙන් ජනතාව හෙළ බොජුන් අවන්හල් කරා ආකර්ශනය කර ගැනීමට ගෙන තිබු උත්සාහය ප්‍රසංශනීය බව ද සඳහන් කළ යුතුම කරුණක්.

ඒහෙත් දැන් දැන් ඒ් වෙත ඇදෙන ජනතාවට මෙ‌ලෙස පීඩා විඳීමට සිදුවන්නේ නම් ඔවුන් හෙළ බොජුන් අවන්හළ වෙත යළි පැමිණීම පිළිබඳව නැවත නැවතත් සිතනු නොඅනුමානයි.

මෙම අනාවරණයෙන් පසුව හෝ මෙහි අඩු පාඩු සකසා පැමිණෙන ගනුදෙනු කරුවන්ට ගෞරවාන්විත සේවයක් ලබාදීමට මෙහි පාලනාධිකාරියට හැකි වුවහොත් එය පැමිණෙන ජනතාවටත් මහඟු සේවාවක් වනු ඇති.

මේ අතර පවතින වර්ෂාවත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇතුලත ජලය බැහැරවන කාණු පද්තිධයක් උතුරා යාමෙන් එළවළු ගැනීමට පැමිණෙන ජනතාව මෙන්ම ව්‍යාපාරිකයන් ද දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙම කාණු වල රැදී තිබෙන අපද්‍රව්‍ය ජලයත් සමග මිශව ආර්ථික මධ්‍යස්ථානය පුරා ගලා යාමත් සමග දැඩි සෞඛ්‍ය ගැටලු රැසක් ද මතුව තිබෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ උද්ගතව ඇති මෙම තත්වය පිළිබඳ අදාළ බලධාරීන් දැනුවත් කළත් මෙතෙක් ඊට නිසි පිළියමක් නොලද බවයි ව්‍යාපාරිකයන් චෝදනා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු හමුදාපති රටම කැළඹු සිද්ධියට අත මිට මොලවා සැරටම කියපු කතාව
08:22
Video thumbnail
රණවිරුවා කියන්න බැරි ආණ්ඩුව මේක අහන්නම ඕනේ කතාවක්
02:46
Video thumbnail
අපේ සැලැස්මට තමයි යුද්ධය ඉදිරියට යන්නේ - මෙන්න හිටපු යුධ හමුදාපති හෙළිකරන දේ
04:37
Video thumbnail
යුද ජය සමරන්න ඕනේ නෑ කියපු අයට හිටපු හමුදාපති හොඳවයින් අමතයි
02:56
Video thumbnail
PRAHARAYA | හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:11:50
Video thumbnail
දේශපාලඥයාගේ කැමැත්තමතයි හැමදේම වුණේ - මහේෂ් සේනානායක හෙළිකළ යුද්ධ මෙහෙයුම
03:36
Video thumbnail
මේක අපේ සිංහලයාගේ භූමිය - කස්සප හිමි අනුරට සැරට දෙසයි
07:03
Video thumbnail
ජනපතිත් Silent වෙන්නම විමල්ගෙන් සැර සද්දයක්
25:04
Video thumbnail
ජනාධිපතිතුමා ඔය කතාව කරන්න තිබුනේ ත්‍ර#තවාදීන් ඉදිරියේ
04:42
Video thumbnail
"අපි ආවා යුතුකම් ඉටු කරන්න"
02:32

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?