කිවියන් ඉදිරියේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

නවසීලන්තය සමඟ ඕක්ලන්ඩ් හිදී පැවති පළමු එක්දින තරගයෙන් දරුණු පරාජයක් වැළඳගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (25) සිදුවුණා.

ශ්‍රී ලංකාව පරාජය කරමින් නවසීලන්තය මෙම තරගය ජය ගත්තේ ලකුණු 198කින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 49යි පන්දු 03ක් තුළ සියල්ල දැවී ලකුණු 274ක් රැස් කළා.

මෙහිදී නවසීලන්ත සියලු පිතිකරුවන් උද පන්දු ලබාදෙමින් දැවීයාම විශේෂත්වයක්.

ලකුණු 274ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට නවසීලන්ත වේග පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් 07 දෙනෙක්ම ලකුණු 10ට අඩුවෙන් දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

ඒ, අනුව පන්දුවාර 19යි පන්දු 05ක් තුළ සියල්ල දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 76ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම දරුණු පරාජයත් සමඟ එළඹෙන එක්දින ලෝක කුසලානය සඳහා සෘජුවම සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් තවත් ඈතට ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?