AFC Banner
AFC Banner
Empty Ad

කිවියන්ට එරෙහිව පැවැත්වෙන T20 හා එක්දින තරග කාලසටහන නිකුත් කෙරේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත පන්දුවාර 20 හා එක්දින තරගාවලියේ කාලසටහන නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම නිවේදනය අද (11) පස්වරුවේ නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව එළඹෙන දෙසැම්බර් මස අග සතියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

පන්දුවාර 20 ක්‍රිකට් තරග තුනක් ඇතුළත් වන අතර එහි පළමු තරග දෙසැම්බර් මස 28 වැනිදා බේ ඕවල් – තෞරන්ගා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

දෙවැනි තරගය දෙසැම්බර් මස 30 සහ තෙවැනි පන්දුවාර 20 තරගය සැක්ස්ටන් ඕවල් – නෙල්සන් හිදී පැවැත්වෙන්නේ ජනවාරි මස 02 වැනි දිනයි.

එමෙන්ම එක්දින තරගාවලිය දෙරට අතර නවසීලන්තයේ වෙලින්ග්ටන් නුවරදී ආරම්භ වනවා.

ඒ ජනවාරි මස 05 වැනි දිනයි.

එදින සහ ජනවාරි මස 08 සහ 11 වැනි දෙදිනවල දී සෙසු එක්දින තරග පිළිවෙළින් පැවැත්වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
1
+1
19
+1
3
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?