කිලෝ 510 මැණික් පොකුරට රුපියල් කෝටි 5000ක ලංසුවක්

රත්නපුරයෙන් හමුවූ කිලෝ 510 බරැති නිල්මැනික් පොකුරට ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ලංසුවක් ඉදිරිපත් වී ඇත.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේ එංගලන්තයේ ප්‍රසිද්ධ මැණික් වෙන්දේසියකදී මේ ලංසුව ලැබුණු බවයි.

නමුත් එම මිල සදහා මැණික් පොකුර හිමිකරුවන් සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එකඟත්වය පළ කර නැති බව ද ඔහු පැවසීය.

ඒ සඳහා ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කර ඇති මිල ඩොලර් මිලියන හාරසියයක් බවද අමාත්‍යරයා තවදුරටත් සඳහන් කළේය.

අයවැය කාරකසභා අවස්ථා විවාදයේ දී ඔහු මේ බව සඳහන් කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?