Saturday, November 9, 2024
AFC Banner
Empty Ad
AFC Banner

කිලෝමීටර 5000ක් දින 57ක දී පා ගමනින් ගිය වතු කම්කරුවා(වීඩියෝ)

වෘත්තියෙන් වතු කම්කරුවෙකු වන බාලකුමාර අගෝස්තු මස 25 වන දින රටට සාමය සෞභාග්‍ය උදා කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාව වටා ගමන් කිරීමට පින්නදූව නගරයෙන් ආරම්භ කළ පා ගමන අද (03) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී සාර්ථකව අවසන් කෙරුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; සුබ්‍රමනියම් බාලකුමාර මේ වනවිට 50 හැවිරිදි වියේ පසුවන ගාල්ල මහමෝදර පදිංචිකරුවෙකු වන බවයි.

ඔහු ගාල්ලෙන් ආරම්භ කළ මෙම පා ගමන දිවයින වටා ඇති සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් කිලෝමීටර 5000ක් දින 57ක කාලයක් තුළ ගෙවෙමින් නිමා කිරීමට සමත් වුණා.

ඔහු 2020 වසරේ කොරෝනා සමයේ රටට සෙත් පතා පින්නදූවේ සිට යාපනය බලා කිලෝමීටර් 1500 ක පාගමනක් ගිය අතර 2021 වසරේ ද පින්නදුවෙන් කිලෝමීටර් 2000 පා ගමනක් ආරම්භ කළා.

එය දින 45 ක් තුළ දී නිම කරමින් හෙතෙම 2022 වසරේ ද කිලෝමීටර් 2500ක පාගමනක් දින 52ක දී අවසන් කිරීමට කටයුතු කළ විශිෂ්ටයෙක්.

පා ගමන අවසන් කරන අවස්ථාවට සහභාගි වූ ගාල්ල දිස්ත්‍රික් ලේකම් W.A. ධර්මසිරි මහතා ඔහුට සුබ පැතුම් පිරිනැමූ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් පිරිසක් ඔහුට මුදල් ත්‍යාග ද ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕනම දෙයක් ඇතිවෙනවා ඕනම දෙයක් නැතිවෙනවා - මේකයි ලෝකයේ ස්වභාවය
05:51
Video thumbnail
කළින් වංචා කරපු අය ඉන්නවා කියපු නිසා මාලිමාවට නහුතෙට තදවෙයි
04:37
Video thumbnail
KASTHIRAMA | ජාජබ අපේක්ෂක මහින්ද ජයසිංහ සහ සජබ අපේක්ෂක ධනංජය නාරංබැද්ද සහභාගීවන කස්තිරම වැඩසටහන
01:30:50
Video thumbnail
ඔයා පාඩුවේ ඉන්න - අම්මලාට ඕන නම් ටියුෂන් යවයි
07:22
Video thumbnail
ආණ්ඩුව ගන්න කළින් එක එක ඒවා කිව්වට ගත්තට පස්සෙනේ වැඩේ තේරෙන්නේ
07:46
Video thumbnail
ගෑස් සිලින්ඩරෙන් එන විපක්ෂ නායක මෙන්න
03:04
Video thumbnail
ජනපති රටටම ඇහෙන්න නාමල්ගේ ගුණ වයපු හැටි
48:21
Video thumbnail
මහ වැස්සේ තනියම කුඩේ උස්සන් වේදිකාවට ආපු ජනපති
03:18
Video thumbnail
අල්ලිරජා රට අල්ලන සැලැස්ම මෙන්න - පොලිසියට පැමිණිල්ලක්
08:53
Video thumbnail
රටක් ආදරය කළ පබ්ලිස් සිල්වාගේ පුත් නාමල් කොළඹින් දියවන්නාවට
30:41

?