spot_imgspot_img
spot_img

කිරුළපන මනුෂ්‍ය ඝාතනයක්

කිරුළපන මනුෂ්‍ය ඝාතනයක් සිදු ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ වැඩිමහල් සහෝදරයා විසින් සිය බාල සහෝදරයාට පිහියකින් ඇන මෙලෙස ඝාතනය කර ඇති බවයි.

මරණකරු 29 හැවිරිදි කිරුළපන – හයිලෙවල් හි පදිංචි ආර්.ඒ. අමිල සඳරුවන් නමැත්තෙක්.

ඔහු එක් දරු පියෙකු බව ද වාර්තා වනවා.

32 හැවිරිදි සැකකාර සහෝදරයාව ඝාතනයට යොදාගත් පිහියත් සමග පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා තදින් අයිස් හා හොරයින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි ව සිටි අයෙකු බවත්; ඊයේ (15) ඔහු මවගෙන් මුදල් ඉල්ලා කරදර කිරීම හේතුවෙන් ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව සැකකාර සහෝදරයා විසින් එළවළු කපන පිහියකින් සිය බාල සොහොයුරාගේ පපු ප්‍රදේශයට ඇන ඇති බවයි මේ වනවිට හෙළි ව ඇත්තේ.

සැකකරු සහ ඝාතනයට ලක් වූ පුද්ගලයා එකම පියාගේ මව්වරුන් දෙදෙනෙකුගේ දරුවන් බවටත් හෙළි ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?