කිරිපිටි මිල යළි ඉහළ යාමේ තත්වයක්

ඩොලර් අර්බුදය හමුවේ කිරිපිටි ආනයනය කිරීම යළිත් ගැටලු සහගත තත්ත්වයකට පත්ව තිබෙනවා.

කිරිපිටි ආනයනකරුවන් සඳහන් කළේ, ඩොලර් හිඟය හේතුවෙන් පසුගිය ජනවාරි මාසයේ කිරිපිටි ආනයනය කිරීමට අදාළ මුදල් මෙතෙක් විදේශීය සමාගම්වලට ගෙවීමට නොහැකි වී ඇති බවයි.

ඒ අනුව කිරිපිටි ආනයනයට අවශ්‍ය ඩොලර් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශයෙන්ද ඉල්ලීමක් කර ඇති බව ඔවුන් සඳහන් කර තිබෙනවා.

මේ අතර, ඩොලර් අර්බුදය හමුවේ ආනයනික කිරිපිටි සමාගම් පසුගිය ඔක්තෝම්බර් 09 වැනි දා සිට කිරිපිටි කිලෝවක මිල රුපියල් 250කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල සටහන් වූයේ රුපියල් 1,195ක් ලෙසයි.

ග්‍රෑම් හාරසියයේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල රුපියල් 480ක් ලෙස සටහන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?