කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද 150%කින් වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ, අනුව එය රුපියල් කෝටි 20 සිට 50 දක්වා ඉහළ යනු ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.
පාසුගිය අගෝස්තු 01 වනදා සිට එතෙක් කැසිනෝ ශාලාවක් සඳහා තිබූ වාර්ෂික බද්ද මෙලෙස ඉහළ දමා ඇති බව සඳහන්.
මීට අමතරව කැසිනෝ සඳහා මෙතෙක් නොතිබූ ඉහළ ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම සහ ශ්‍රී ලාංකිකයකු කැසිනෝ ශාලාවක් තුළට ඇතුළුවීමේ දී ඩොලර් 200ක ගාස්තුවක් අය කිරීමට ද තීරණය කර ඇති බව සඳහන්.
එමෙන්ම වෙනත් ඔට්ටු හා සූදු සඳහා වන බදු ද වැඩි කිරීමට තීරණය කර ඇති තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
13