කැස්ස පැණිය බීපු දරුවෝ 66 ක් මියයයි

වෛද්‍ය නිර්දේශමත ලබා දෙන උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීම සඳහා ඉන්දීය ඖෂධ සමාගමක් නිපදවන සිරප් වර්ග පානය කළ ගැම්බියාවේ කුඩා දරුවන් 66 දෙනකු මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ ට්විටර් නිවේදනයත දැක්වෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ අප්‍රිකා රාජ්‍යයක් වන ගැම්බියාවේ දරුවන් මියගොස් ඇත්තේ ඉන්දියාවේ, ‘මේඩ්න් පාර්මසියුටිකල්ස්’ Maiden Pharmaceuticals ඔෘෂධ නිෂ්පාදන සමාගම සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීමට නිපදන සිරප් වර්ග 4 ක් භාවිතයට ගැනීමෙන් බවයි වාර්තා වන්නේ.

Promethazine Oral Solution, Kofexmalin Baby Cough Syrup, Makoff Baby Cough Syrup සහ Magrip N Cold Syrup යනු එම සිරප් වර්ග 4 ය යැයි විදෙස් මාධ්‍ය පවසයි.

මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පැවැත්වවීමට පියවර ගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?