මාර්ග අංක 120 කැස්බෑව පිටකොටුව සියලුම පෞද්ගලික බස් රථ අද 13 ධාවනයෙන් ඉවත්වී වර්ජනයක නිරත වනවා.
කැස්බෑව – පිටකොටුව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් නව බස් රථයකට බලපත්‍රයක් ලබා දීමට විරෝධය පළ කරමින් මෙලෙස වර්ජනය ආරම්භ කළ බවයි.
කැස්බෑව සිට පිටකොටුව දක්වා ධාවනය වන බස් රථ 71ක් පවතින අතර ඉන් බස් 10කට දිනපතා නිවාඩු ලබාදී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
2000 වසරේ ලැබුණු අධිකරණ නියෝගයක් අනුව නව බස්රථ මාර්ග අංක 120 කැස්බෑව සිට පිටකොටුව දක්වා ධාවනයේ යෙදීමට නොහැකි බවත් සභාපතිවරයා සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
















