ජීව අත්බෝම්බයක්, මත්කුඩු ඇතුළු සොර භාණ්ඩ සමග අපරාධ නඩු 35කට සහ වරෙන්තු 20කට වැඩි සංඛ්‍යාවක් ඇති බව කියන ‘කැලෑ මහින්ද’ යන අන්වර්ථ නාමයකින් හඳුන්වන පුද්ගලයෙකු අඟුණකොළපැලැස්ස පොලිසිය විසින් පෙරේදා (11) අත්අඩංගුවට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරුවන් මිද්දෙණිය සහ ඇඹිලිපිටියේ පදිංචි වයස අවුරුදු 28, 30, 31 සහ 47 හැවිරිදි අයවලුන් වේ.
අත්අඩංගුවට ගත් ‘කැලෑ මහින්ද’ නමැති පුද්ගලයා දිවයින පුරා ප්‍රදේශ රැසක සොරකම්, මංකොල්ලකෑම්, ගංජා සන්තකයේ තබාගැනීම, ගෙවල් බිඳුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙකි.අඟුණකොළපැලැස්ස නගරයේ රන්භාණ්ඩ අලෙවිසලක් බිඳ ඉන් රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහ ඇඹිලිපිටියෙන් යතුරුපැදියක් සොරකම් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරුවන් සමග ජීව අත්බෝම්බයක්, හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6 සහ මිලිග්‍රෑම් 20ක් සහ යතුරුපැදි අංක තහඩු දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ‘කැලෑ මහින්ද’ නමැත්තා කහවත්තේ රුපියල් කෝටි හතක මැණික් මංකොල්ලය සම්බන්ධයෙන් සැකකරුවකු වන බවද පොලිසිය කියයි.
අඟුණකොළපැලැස්ස පොලිසියේ විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා