Fly high Get bonus Aviator Phone

කැබ් රථයක් පෙරලී ගොස් 08 දෙනෙකු රෝහල්ගත කෙරේ

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ රාගල – උඩුවාමාදුර ඥාති නිවසකට පැමිණි පිරිසක් ආපසු සියඹලාණ්ඩුව දක්වා ගමන් කිරීමේ දී වලපනේ – නිල්දණ්ඩාහින්න අඹන්වැල්ල ප්‍රදේශයේ දී කැබ් රථය මාර්ගය හරහා පෙරලී මෙම අනතුර සිදු ව ඇති බවයි.

ධාවනය වෙමින් තිබූ කැබ් රථයේ හදිසියේ තිරිංග ක්‍රියාත්මක වීම හේතුවෙන් කැබ් රථය නතර කර ගැනීමට රියදුරා කැබ් රථය ප්‍රධාන මාර්ගය අබියස පිහිටි කන්දක ගැටීමට සලස්වා ඇති අතර, එම අවස්ථාවේ කැබ් රථය කන්දේ ගැටී ප්‍රධාන මාර්ගය හරහා පෙරලී මෙම අනතුර සිදු ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වලපනේ – තිරිපැහැ පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?