spot_imgspot_img
spot_img

කාසියේ වාසිය ඉන්දියාවට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර තරගයක් අද බෙන්ගලූරුහිදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ඉන්දීය කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ සහභාගී වූ තරග 8ම ජය ගනිමින් අපරාජිතවයි අද තරගයට මුහුණ දෙන්නේ. මෙවර ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන නෙදර්ලන්ත කණ්ඩායම සහභාගී වූ තරග 8න් ජයගෙන ඇත්තේ දෙකක් පමණයි.

අද තරගයේදී ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි ලකුණු 100ක් රැස් කළහොත් එක්දින තරගවල ශතක 50ක් රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙසටයි වාර්තා අතරට එක්වනවා.

මේවන විට සචින් තෙන්ඩුල්කාර් සහ විරාත් කෝලි එක්දින ශතක 49 බැගින් ලබා සම තත්ත්වයේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?