spot_imgspot_img
spot_img

කාලගුණය වෙනස් වීම හේතුවෙන් ලොව ලොකුම හිම උද්‍යානය වැසේ

ලොව විශාලතම හිම ක්‍රීඩා උද්‍යානයක් කාලගුණ විපර්යාස හේතුවෙන් ඇති වූ බලපෑම සමඟ ප්‍රමාණවත් තරම් අයිස් පතනයක් නොමැති වීමෙන් සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.

ගිනස් වාර්තා පොතටද අනුව ලොව විශාලතම ස්වභාවික හිම ක්‍රීඩා උද්‍යානය ලෙස සැලකෙන රයිඩූ කැනල් ස්කේට්වේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔටාවා හි පිහිටා ඇති අතර, සෑම වසරකම මිලියනකට අධික සංචාරකයන් ඒ වෙත පැමිණනවා.

යුනෙස්කෝ ලෝක උරුමයක්ද වන මෙය ඔටාවා සිට ඔන්ටාරියෝ ජලාශය සහ ශාන්ත ලෝරන්ස් ගංගාව දක්වා දිවයන මනාස්කාන්ත පරිසරයකි.

සෑම වසරකම ජනවාරි සිට මාර්තු දක්වා මෙම ප්‍රදේශය ජනතාවගෙන් පිරී ගියත්, මේ වනවිට එය යළි විවෘත කරන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත්කෙරී නැති අතර, කාලගුණය මත එය තීරණය කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?