ක්‍රීඩා ඇමතිගෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිපියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකාරීත්වයට එල්ල විය හැකි දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳව සොයා බැලීමට සාමාජිකයින් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පිහිටුවන බවට පැතිර යන පුවත් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සභාපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධින වියයුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ස්ථාවරය වන බැවින් එය ක්‍රීඩාව භාර අමාත්‍යවරයා ලෙස තමාද අනුමත කරන අතර තමා ද එම ස්ථාවරයේ තමන් ද සිටින බවයි අමාත්‍යවරයා ලිපියේ සඳහන් කර ඇත්තේ.

ක්‍රිකට් පමණක් නොව ලියාපදිංචි සියලුම ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලන ස්වාධීන වියයුතු බවත් ඔවුන්ගේ කටයුතු සඳහා දේශපාලන ඇඟිලි ගැසීමක් නොමැති බවත් ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

Roshan Ranasinghe
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?