Fly high Get bonus Aviator Phone

ක්‍රිකට් නඩුව අවසන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ගනු ලැබූ තීරණයට අදාළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඉදිරි පත් කළ පෙත්සමට අදාළ විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (15) තීන්දු කළා.

මෙම පෙත්සම අද නැවතත් සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාදීකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අතුරුපාලක කමිටුවක් පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කරගන්නා බව දන්වා සිය සේවා දායකයා විසින් ඉකුත් 12 වනදා නිකුත් කළ ගැසට් නිවේදනයේ තිබෙන තාක්ෂණික දෝෂ නිවැරැදි කර තිබෙන බව සඳහන් කළා.

එසේ නිවැරදි කළ ගැසට් නිවේදනයක් පසුගිය 13 වනදා නිකුත් කිරීමට කටයුතු කෙරුණු බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

මෙහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු සෝභිත රාජකරුණා මහතා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම තත්ත්වය හමුවේ අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතුවන්නේදැයි විමසා සිටියා

එම අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අවශ්‍යතාවයක් මතුවුවහොත් මෙම පෙත්සම යළි කැදවීමේ අයිතිය රඳවා ගනිමින් එහි විභාග කටයුතු අවසන් කිරීමට පෙත්සම්කරු එකඟවන බව සඳහන් කළා.

ඒ, අනුව නීතිමය අවශ්‍යතාවයක් මතු වුවහොත් එම පෙත්සම යළි කැඳවීම සඳහා පෙත්සම්කරුගේ අයිතිය රඳවා ගනිමින් එහි විභාග කටයුතු අවසන් කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
1
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාස හයක ගැබිණි බිරිඳ තනිකර යන්න ගිය සැරයන් තුසිත - ගුවන් අනතුර නිසා සිදුවූ සංවේදීම සිදුවීම
03:09
Video thumbnail
duka ඡන්දය අරගෙන මොනවද මේ කරන්නේ - ගාල්ලෙන් ඇහෙන දුක හිතෙන කතාව
06:19
Video thumbnail
ජීවිත 6 ක් අහිමි වුණු මහා ඛේදවාචකය - දේහයන් ඥාතීන්ට භාරදුන් හැටි
05:21
Video thumbnail
කොළඹ ආමර් වීදියේ ගින්න ආවරණය කරන්න ගිය මාධ්‍යවේදීන් තර්ජනයක්
04:24
Video thumbnail
බෙල් 212 - මේක නම් ෆිල්ම් එකක කොටසක් වගේනෙ
02:10
Video thumbnail
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් නුවරඑළියේදි ජනපතිත් එක්වෙයි
07:45
Video thumbnail
බිහිසුණු ගුවන් අනතුරින් දිය යට සැඟව ගිය බෙල් 212 යානය ගොඩට ගත් හැටි
02:44
Video thumbnail
අභිරහස් ගින්නෙන් කොළොම්තොට අහසම වෙලාගෙන අවසන්!
03:57
Video thumbnail
කොටහේන දැරියගේ සිද්ධියට ගේම අදින කාන්තාවෝ වැඩ අරඹයි
03:52
Video thumbnail
අකාලයේ පරවූ මල් කැකුළට යුක්තිය ඉටුවේවිද ?
00:38

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?