කළුතර සිසුවියට අවසන් ඇමතුම ලබාදුන්නේ කවු ද ? – තිදෙනෙකුගේ දුරකථන ජාල විශ්ලේෂණයට

කළුතර නගරයේ පිහිටි පස් මහල් ලැඟුම්හල් ගොඩනැගිල්ලකින් ඇදවැටී මිය ගිය පාසල් සිසුවියගේ මරණයට අදාළව අත්අඩංගුවට ගත් මිතුරිය සහ ඇගේ පෙම්වතා අද (15) දිනයේ යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර 19 හැවිරිදි මිතුරියගේත් ඇයගේ පෙම්වතාගේ සහ සිසුවිය සමඟ ලැඟුම්හල් කාමරයේ රැඳී සිටි සීසර්වරයාගේ දුරකථන ජාල විශ්ලේෂණයකට යොමු කිරීම කෙරෙහි ද විමර්ශන සිදුකරන අංශවල අවධානය යොමුව තිබෙනවා.

ඒ, අනුව මේ සඳහා අවශ්‍ය නියෝග අද (15) දිනයේ දී කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මියගිය සිසුවියට අවසන් වරට දුරකථන ඇමතුම ලබාදුන්නේ කවුරුන් ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැති අතර, ඇතැම් මාධ්‍ය වාර්තා කළේ එම දුරකථන ඇමතුම ඇය ලැඟුම්හල වෙත කැඳවාගෙන ආ 19 හැවිරිදි මිතුරිය විසින් ලබාගෙන ඇති බවයි.

සිසුවියට ලැබුණු අවසන් දුරකථන ඇමතුමෙන් පසු කළබලයට පත්ව ඇය ජනේලයෙන් පිටතට පැන්න බවටයි මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
6
+1
3
+1
9
+1
2
+1
7
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?